තනිව සිටි කතකගේ ඇඟිල්ල කපා රන් මුද්ද පැහැරගෙන ගිය නරුමයෝ..

Cynic
By Thaya Feb 04, 2021 07:47 PM GMT
Report

බළන්ගොඩ පොලිස් බල ප්‍ර​දේශයට අයත් ඇල්ලෙපොළ ප්‍රදේශයේ නිවසකට පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එම නිවසේ සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ අතක ඇඟිල්ලක් කපා එම ඇඟිල්ලේ පැලඳ සිටි රන් මුද්ද පැහැරගෙන ඊයේ (03දා) පලාගොස් ඇත.

බළන්ගොඩ, ඇල්ලපොළ ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි එම කාන්තාව බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. එම කාන්තාව පමණක් තනියම එම නිවසේ ජීවත්වන බවත් පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

ඇඟිල්ල කැපීම සඳහා යොදාගත් පිහිය හා ඔවුන් රැගෙන ආ කඹයක්ද නිවසේ දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.