සාමාන්‍ය පෙළ ලිවීමට සිටි දියණියට පියෙකු කළ අපරාධය

Crime
By Thaya Mar 02, 2021 06:27 PM GMT
Report

අද දින සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටි දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ආයිත්තම් ඇතුළු නිවසේ තිබූ දේපල ගිනි තබා විනාශ කරන ලද පියෙකු මාර්තු 15 වන දින දක්වා රිමාන්ඩ් කර තිබෙනවා. මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ, හේරත් මුදියන්සේලාගේ රවීන්ද්‍ර හේරත් කුමාර නමැති 36 හැවිරිදි පුද්ගලයෙක් පවුල් ආරවුලක් මත මෙලෙස පියා විසින් නිවස ගිනි තබා ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. පොලිසිය සඳහන් කළේ, සැකකරු බීමත්ව පැමිණ ඉකුත් 27 වන දා රාත්‍රී සිය බිරිඳට පහරදී නිවසේ තිබුණු දේපලවලට ගිනි තබා ඇති බවයි