ආන්දෝලනාත්මක සීගිරි ඉඩමට ගෑවුණු ක්‍රිකට් තරුව එළියට

Sigiriya
By Thaya Mar 08, 2021 05:38 PM GMT
Thaya

Thaya

Report

සිගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩම් නිීති විරෝධි අයුරින් ලබා ගෙන ඇති බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර හා ඔහුගේ බිරිඳ වන යෙහාලි සංගක්කාර විසින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ කරුණු පැහැදිළි කිරීමේ ලිපියක් නෙත් නිවුස් වෙත ලැබී තිබෙනවා. එම ලිපිය මගින් යෙහාලි සංගක්කාර පවසා ඇත්තේ බැඳීම්වලින් තොරව ඉඩම් මිලදී ගැනීම ආරම්භ කළේ ඒවා සංවර්ධනය කිරීමේ අදහස ඇතිව බවයි. ඔවුන් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපිය මෙසේයි

අදාළ කරුණු දැක්වීමට ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ විසින් කුමාර් සංගක්කාර සහ යෙහාලි සංගක්කාර වෙත ප්‍රතිචාර දක්වා ලිපියක් ද යොමුකර තිබෙනවා. එහි දැක්වෙන්නේ මතුව ඇති ගැටළුව විසඳීම සඳහා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ පැවසුවේ ඉඩම් මිලදි ගැනීම සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදු කර ලබාදි ඇති ඔප්පු අවලංගු කිරිමට කටයුතු කරන ලෙස මේ වන විටත් අදාළ නිලධාරින්ට උපදෙස් දී ඇති බවයි. මෙම ආනදෝලනයට තුඩුදී තිබූ ඉඩම අඩු ආදායම් ලාභීන්ට ලබාදීමට නියමිත රජයේ ඉඩමක්.

ReeCha