තියුණු සටනකින් පසුව සිංහයින්ට විශිෂ්ට ජයග්‍රහණයක්.. එහි නවතම තොරතුරු මෙතනින්.. (UPDATE/PHOTOS)
UPDATE:-
ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරදවා ලකුණු 155ක ජයක් ලබා ගනු ලැබීය.
කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීය.
නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමට වන අතර පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 308ක් ලබා ගනු ලැබීය.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153ක් පමණක් ය.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Ibrahim Zadran ලකුණු 54ක් සහ Rahmat Shah ලකුණු 63ක් රැස් කළ අතර Hashmatullah Shahidi ලකුණු 09කට දැවී ගියේ ය.
Rahmanullah Gurbaz ලකුණු 8ක් ලබා සිටියදී දැවී ගිය අතර පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුළු 4ක් දවා ගත් අතර අසිත ෆර්නෑන්ඩු සහ ඩිල්ෂාන් මධුශංක කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.
කෙසේ වෙතත්, ඒ අනුව මෙම තරගාවලිය 2/0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
---------------------------------------------------------------------
ඇෆ්ගනිස්තානයට ලංකාවෙන් ලැබුණ ඉලක්කය - මැච් එකේ උණුසුම් තත්ත්වය මෙන්න.. (PHOTOS)
අද (11) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පස්වරු 2.30ට සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගය ආරම්භ විය.
එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 308ක් ලබා ගනු ලැබීය.
ආරම්භ පිතිකරුවන් ලෙස ක්‍රීඩා පිටියට පිවිසි පැතුම් නිස්සංක ලකුණු 18ක දැවී ගිය අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05කට දැවී ගියේ ය.
කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පන්දු 65කට ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය.
එමෙන්ම, සධීර සමරවික්‍රම ලකුණු 52කට දැවී ගිය අතර ජනිත් ලියනගේ අර්ධ ශතකයක් වාර්තා කළේ ය.
චරිත අසලංක නොදැවී ලකුණු 97ක් රැස් කිරීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ Azmatullah Omarzai කඩුළු 3ක් දවා ගත්තේ ය.
කෙසේ වෙතත්, Fazalhaq Farooqi, Noor Ahmad, Qais Ahmad කඩුල්ල බැගින් දවා ගත්තේ ය.
