ඇඟළුම් කම්හලක කොවිඩ් පොකුරක් : දැනට ආසාදිතයින් 21ක් හමුවේ
වවුනියාව දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රධාන පෙලේ ඇඟළුම් කම්හලක සේවය කරනු ලබන සේවකයින් 21 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා. වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ අදාළ ඇඟළුම් කම්හල තුළ සේවය කළ පිරිසකට වෛරසය ආසාදනය වි ඇති බවට මුලින් තහවුරුවීමෙන් අනතුරුව ඇඟළුම් කම්හල තුළ සේවකයින් ගේ සිදුකළ PCR පරීක්ෂාවන් සිදුකිරීමෙන් අනතුරුව සේවකයින් 21 දෙනෙකුට වෛරසය ආසාදනය වි ඇති බව මේ වන විට අනාවරණය වි ඇති බවයි. ඇඟළුම් කම්හල තුළ සේවකයින් 700 කට ආසන්න පිරිසක් සේවයේ නිරතව වන අතර, අදාළ පිරිස් පි.සි.ආර් පරීක්ෂාවන් වෙනුවෙන් යොමුකොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් ප්‍රකාශ කර සිටියේ.
කෙසේ වුවත් ප්‍රදේශයේ ජනතාව පැවසූවේ ආසාදිතයින් වාර්තා වු ඇඟළුම් කම්හල තුළ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ආකාරයක් දැක ගැනීමට හැකිවු බවයි. ඒ හේතුවෙන් ප්‍රදේශය තුළ දැඩි සෞඛ්‍ය අවධානමක් ඇතිවීමේ අවස්ථාවක් පවතින බවට ඔවුන් තුල බියක් ඇතිව තිබෙනවා. එබැවින් ආසාදිතයින් හමුවු ඇඟළුම් කම්හල තාවකාලිකව වසා දමා ප්‍රදේශයේ කොවිඩ් වෛරසය පැතිරීමේ අවධානම වළක්වාගත යුතු බවට ප්‍රදේශවාසින් විසින් සෞඛ්‍ය අංශ වෙත ඉල්ලීම් කර තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.