ගර්භණී මව්වරුන්ට අනිවාර්යෙන් ම එන්නත්කරණය කළ යුතුයි

colombo pregnant gampaha covid19 vaccination dr.pradeep silva
By Sewvandhi May 10, 2021 01:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගර්භණී මව්වරුන් සඳහා ද එන්නත් කිරීම අත්‍යාවශ්‍ය බව නාරි හා ප්‍රසව වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සභාපති වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ගර්භණි කාන්තාවන්ට එන්නත ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බවට පර්යේෂණාත්මකව තහවුරු කර ඇති බවය.

ඒ අනුව ගර්භණී කාන්තාවන්ට, ගර්භණී තත්ත්වයට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට හෝ කිරිදෙන මව්වරුන්ට එන්නත්කරණය සුදුසු බවට තහවුරු ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“අපේ අනුබද්ධ රාජකීය වෛද්‍යවරුන්ගේ ආයතනය තියෙනවා මහා බ්‍රිතාන්‍යයේ අපිට ඒකෙන් නිතරම කොවිඩ් -19 පිළිබඳ සැලසුම් යාවත්කාලීන වෙනවා. ඒකෙන් කියලා තියෙනවා දැන් මෙච්චර ගානකට දීලා තියෙනවා කිසිම කෙනෙකුට සංකූලතා ඇති වෙලා නෑ කියලා. “

“අපේ විද්‍යාතනය විදියට අපි කියනවා එන්නත්කරණය විය යුතුයි. මේ මොහොත වන විටත් ගැබිණි මරණ දෙකක් පමණ වෙලා තියෙනවා. එක් අයෙකුට අසාධ්‍යයි. එය ගැබිණි මව්වරුන්ගේ මරණ අනුපාතය දිහා බැලුවහම අධික වැඩිවීමක්. ඉදිරියට එය තවත් වැඩිවෙන්න පුළුවන්. එය වළක්වා ගන්න කළ හැකි ප්‍රධාන උපක්‍රමයක් තමයි එන්නත්කරණය. විශේෂයෙන් ප්‍රධාන නගර 4ක් තියෙනවා මේ රෝගය පැතිරෙන. කොළඹ, ගම්පහ, ගාල්ල හා නුවර ඒ ප්‍රධාන දිස්ත්‍රික්ක අතරේ අනිවාර්යෙන් ම වහාම එන්නත්කරණය පටන්ගන්න ඕනේ.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now