කොවිඩ් රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුකරන ක්‍රමවේදයේ වෙනසක්

covid19 colombo Shavendra silva kaluthara infectons
By Sewvandhi May 22, 2021 09:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර සඳහා යොමුකරන නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

“දෙරණ අරුණ“ සමඟ එක්වෙමින් යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ, ඊයේ (21) දින සිට දින තුනක කාලයක් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවත් එම ක්‍රමවේදය විශේලේෂණය කිරීමෙන් අනතුරුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා හඳුන්වා දෙන බවත්ය.

රෝග ලක්ෂණ නොපෙන්නුව ද වයස අවුරුදු 60ට වැඩි කොවිඩ් ආසාදිතයින් අනිවාර්යයෙන් ම රෝහල්ගත කළ යුතු බව ද මෙහිදී යුද හමුදාපතිවරයා පැවසීය.

සුළු රෝගී තත්ත්වයක් පවතින ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමුකරන බවත් පැවසු ඒ මහතා, ආසාදිත වුවත් තමා සිටින පරිසරය එම තත්ත්වයට සුදුසු නම් ඔවුන් ව පමණක් නිවසේ රැඳවීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“ගෙදර 6 -7ක් ඉන්නවා නම් ගෙදර අනෙක් අයටත් බෝවෙන්න පුළුවන්. ඒ ගැන කල්පනා කරලා එහෙම කට්ටිය සමහර වෙලාවට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යැවෙනවා. නිවසක ඉන්න පරිසරයක් තිබෙන අය නිවසේ තබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.“


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now