කොවිඩ් ආසාදිතයන්ට අද දින සිට නිවසේදීම ප්‍රතිකාර
කොවිඩ් ආසාදිතයන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ ක්‍රියාවලියේ අද (21වැනිදා) සිට කළුතරින් ආරම්භ කිරීමට නියමිතයි.
නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රියාවලිය කළුතරින් ආරම්භ කිරීමට ඊයේ (20) සවස රැස්වූ කොවිඩ් කමිටුව තීරණය කර තිබෙනවා. ජන ඝනත්වය අනුව නිවසේ අතර දුරස්ථභාවය කළුතර දිස්ත්‍රික්කයේ ඇති නිසා මෙම නියමු ව්‍යාපෘතිය කළුතරින් ඇරඹීමටයි තීරණය වී ඇත්තේ.
මේ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හට මෙහි බලය පවරණ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන නිර්දේශ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරීක්ෂණය සඳහා යෙදවෙනවා.
ජංගම සායන රථ ද ගිලන් රථද මෙම ප්‍රදේශයට යොදවන අතර ප්‍රවාහන පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා යුද හමුදාව සහායට ලබාදී තිබෙනවා.
දින තුනක් තුළ මෙම ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය කර අඩුපාඩු සැකසීමෙන් පසුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කිරීමට ඊයේ (20) තීරණය වී තිබෙනවා.
කොවිඩ් 19 වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීන් ඊයේ (20) රැස්වී මෙම තීරණය ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |