ඉන්දියාවෙන් කොවිඩ් මඩින පැනියක්..හදිසි භාවිතයට අනුමැතිය
ඉන්දීය පර්යේෂණ ආයතනයක් විසින් කොරෝනා මර්දනය සඳහා දියරමය ඖෂධයක් සොයාගෙන තිබේ.
දැනටමත් ඒ සඳහා ඉන්දීය සෞඛ්‍ය අංශ වල අවසරය ලැබීම නිසා ඉන්දියානු රෝහල් වෙත මාත්‍රා දසදහසක් පමණ යවා ඇතැයි ඉන්දියාව ඉන්දීය රජය ප්‍රකාශ කරයි. පර්යේෂකයන් පවසන්නේ
මෙම ඖෂධයෙන් කොරෝනා වෛරසයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට හැකි බවයි. ග්ලූකෝස් භාවිතා කරන ආකාරයටම මෙම ඖෂධය ද ජලයේ දිය කර පානය කිරීමට හැකිය.
සිදුකරන ලද සායනික පරීක්ෂණවලදී මෙය කොරෝනා රෝගීන් සඳහා ඉතා ආරක්ෂිතව බවද සොයාගෙන තිබේ.
මෙම ඖෂධය හඳුන්වන්නේ ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් හෝ ටූ ඩී ජී ලෙසයි. (2-DG anti Covid drug)
මෙම නව ඖෂධ මාත්‍රා 10,000ක් මේ වනවිටත් ඉන්දියානු රෝහල් වෙත යවා ඇති බව ඉන්දියානු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ඖෂධයෙන් වෛරසය ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ හැකියාව ඇති බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |