එක් ප්‍රදේශයක ආසාදිතයින් 200 ට වැඩි පිරිසක් ඔවුන් තාමත් නිවෙස් වල

covid19 infections quarantine koggala habaradhuva
By Sewvandhi May 14, 2021 10:43 AM GMT
Report

කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කළාපයේ තිබෙන ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක සේවකයින් 1,500කට අධික පිරිසකට පසුගිය දිනක PCR පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එම පිරිසෙන් සේවකයින් 217 දෙනෙකු ආසාදිත බවට නිකුත් වී ඇති PCR ප්‍රතිඵල අනුව තහවුරු වී ඇති බවද සඳහන්.

මේ අතර ප්‍රතිකාර මධ්‍යස්ථාන වල තිබෙන තදබදය හේතුවෙන් එම ආසාදිතයන් තවමත් ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටින බවයි හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පබෝධ සිරිවර්ධන මහතා සඳහන් කළේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now