මෘතදේහ වලත් කොවිඩ්

covid19 matara karapitiya ahangama thalgasvala
By Sewvandhi May 11, 2021 03:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත පශ්චාත් මරණ පරීක්ෂණ සදහා යොමුකර තිබූ මෘතදේහ 05ක කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව වාර්තා වනවා.

කොවිඩ් ආසාදිත මෘතදේහ අතර භික්ෂූන් වහන්සේ නමකගේ මෘත දේහයක් ද තිබෙන බවත් අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

උන්වහන්සේ ශල්‍යකර්මයක් සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය අය අතර දෙවට ප‍්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි වියේ පසුවන කාන්තාවක හා අහංගම ප‍්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි අයකු, ද නියාගම තල්ගස්වල ප‍්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි අයකු සහ මාතර පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු ද සිටින බව අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now