කොවිඞ් එන්නත මෙරටට ලැබෙන විට ලබන අවුරුද්දේ අප්‍රේල් වේවි
Covid Vaccine
By Thaya
කොවිඞ් එන්නත මෙරටට ලැබෙන විට 2022 වසරේ අප්‍රේල් මාසය වනු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙනවා.
එන්නත් ඇණවුම් කිරීමට ආණ්ඩුව බොහෝ සෙයින් ප්‍රමාද වීම ඊට හේතුව බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
කොවිඞ් එන්නත් මිළදි ගැනිම සදහා ආණ්ඩුව ලෝක බැංකුවෙන් රුපියල් බිලියන දහයක් ඉල්ලා ඇතත් එයද සේ දක්වා ලැබී නොමැති බවයි රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ.