කොරෝනා ආසාදිතව ඔක්සිජන් ටැංකි 17ක් දුන් අයෙකු මරුට...එම ප්‍රදේශයේ දැඩි අවදානමක්..
කොවිඩ් ආසාදනය වී සතියක් පමණ කාලයක් තිස්සමහාරාම මූලික රෝහලෙහි ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහාරාම, පන්නගමුව, ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ හැට නව හැවිරිදි පුද්ගලයෙක්. එම කාලය තුළ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩල දැඩි වෙහෙසක් ගත් අතර එම කාලය තුළ ඔහුට ඔක්සිජන් ටැංකි 17ක ප්‍රමාණයක ඔක්සිජන් ලබාදී තිබුණා.
පසුව ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු හම්බන්තොට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යවා තිබෙනවා.
නමුත් එහිදී ඔහු මියගොස් ඇති බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ.
මේ අතර පුද්ගලයන් තිස්තුන්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බව ඊයේ (16 වැනිදා) හඳුනාගත් බව තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර විජේමුණි මහතා පැවැසුවා.
ගතවූ පැය හතළිස් අටක කාලය තුළ හඳුනාගනු ලැබූ කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් තිස්තුන්දෙනා හම්බන්තොට හා අගුණුකොළපැලැස්ස කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |