තවත් ගැබිණි මවක් කොවිඩ් උත්සන්න වී මරුට - ඇයට වැළදුන හැටිත් මෙන්න.

Covid Maharagama Pregnant women Thissamajarama Ambalantota
By Aruna May 16, 2021 07:40 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ සිව්වන ගැබිණි කාන්තා මරණයත් ඊයේ (15) වාර්තා වී තිබුණි.

එලෙස මියගොස් තිබුණේ තිස්සමහාරාම යායගොඩ පදිංචි වයස අවුරුදු 35ක ගැබිණි කාන්තාවකි.

ඒ සමග ඇයගේ මාස 8ක් වන බිළිඳිය ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.

අප්‍රේල් 29 වනදා මහරගම ප්‍රදේශයේ පැවැති දැරියකගේ සාදයකට මෙම ගැබිණි කාන්තාව ඇතුළු පවුලේ 12 දෙනෙකු පමණ සහභාගී වී තිබේ.

ඉන් පසු ඊට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගෙන ඇත. අනතුරුව මෙම ගැබිණි කාන්තාවටත් ඉකුත් 5 වනදා උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබෙන අතර දෙබරවැව රෝහලට ඇතුළත් වී එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇය සහ සැමියා ආසාදිත බවට තහවුරු වී ඇත.

ඉන් අනතුරුව ගැබිණි මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත්, සැමියා අම්බලන්තොට රෝහලටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ගැබිණි කාන්තාව අවාසනාවත්ත ලෙස මියගොස් තිබුණේ මෙළොව එළිය නොදුටු ඇයගේ බිළිඳිය ද සමගිනි. "කොවිඩ් මාරය මගේ බිරිඳවයි දරුවවයි අරගෙන ගියා.

මම අනෙක් මව්වරුන්ගෙන් ද ඉල්ලන්නේ මේ රෝගයේ තියෙන බරපතළකම ගැන හිතලා ආරක්ෂා වෙන්න කියලයි," යනුවෙන් මියගිය ගැබිණි කාන්තාවගේ සැමියා වන අජිත් ප්‍රියන්ත පවසා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now