නිවසේ කොරෝනා ආසාදිතයකු සිටී නම් අනුගමනය කළ යුතු කරුණු.. අතිශය වැදගත්.

Covid Sri lanka Corona pations
By Aruna May 12, 2021 05:09 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් ආසාදිත රෝගියෙකු නිවසේ සිටියදි සෑම විටම අන් අයගෙන් වෙන්ව කටයුතු කළ යුතු බව ආපදා පෙර සුදානම් සහ හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

එසේම මෙම කරුණුද කොවිඩ් ආසාදිතයෙකු නිවසේ සිටි නම් අනුගමනය කළ යුතුය.

1 හිරු එළිය වැටෙන කාමරයක තනිවී සිටිම වැදගත්

2 තමන් වෙනම වැසිකිළියක් භාවිත කිරීම.

3 විවේකීව සිටීම වැදගත්.

4 ඇඳේ වැතිර සිටිනවිට වම් හෝ දකුණු ඇලයට හැරී සිටිය යුතුය.

කොට්ට කිහිපයක් උඩ හිස තබා ගැනීම ශ්වසනය සඳහා පහසුය.

5 විජලනය වීම වළක්වා ගැනීමට දියර වර්ග නිතර පානය කරන්න.

6 නිදන්ගත රෝග ඇති අයෙකු ඔවුන්ගේ බෙහෙත් වර්ග නිසි අයුරින් භාවිත කරන්න

7 හෘද රෝගීන් ඔවුන්ගේ ඖෂධ නිසි වේලාවට ලබා ගන්න.

8 දියවැඩියාව ඇත්නම් ඖෂධ ගන්න අතරතුර ආහාර පාලනය කිරිම වැදගත්.

9 ඇදුම රෝගය තිබේනම් ඉන්හේලර් එක පාවිච්චි කළ යුතුය.

10 දිනකට දෙවරක් උණු වතුර හුමාලය ආග්‍රහණය කිරීම පෙනහළුවල සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කර ගැනීමට ඉවහල් වෙයි.

11 මුව ආවරණය පැළදිය යුතුය.

12 රෝගි තත්ත්වය උත්සන්න වන බව හැඟේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධ කර ගතයුතුය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now