තවත් ආසාදිතයෙක් පලා යයි
බේරුවල පරණ කඩේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි කොරෝනා ආසාදිතයෙකු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැන විත් ගාලුපාර ඔස්සේ පාගමනින් බේරුවල සිය නිවසට පැමිණෙමින් සිටියදී සෞඛ්‍ය අංශ සහ බේරුවල පොලීසිය එක්ව එම ආසාදිත යාව බේරුවල මාගල් කන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව බේරුවල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් .ඩි. ට්. නයනජිත් මහතා අද (18)පැවසීය .
මෙම ආසාදිත තරුණයා බේරුවල නගර සභා ප්‍රදේශයේ දී දින කිහිපයකට ඉහත කළ කළ පි.සි.අර්.පරීක්ෂණයකින් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් අනතුරුව කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාරය ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) පෙරවරුවේ ආසාදිතයා රෝහලෙන් පැන එතැන් සිට පාගමනින් ගාලු පාර පාර ඔස්සේ බේරුවල නිවසට පැමිණෙමින් සිටියදී බේරුවල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බේරුවල පොලිසියේ සහයෝගයෙන් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කර ආසාදිතයා උපක්‍රමශීලීව අල්ලාගෙන නැවත කළුතර නාගොඩ රෝහලේ එම ප්‍රතිකාර වාට්ටුවට යොමු කර තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා වැඩිදුරටත් පැවසීය .
මෙලෙස රෝහලෙන් පැනවිත් තිබෙන ආසාදිත තරුණයා කිසියම් මානසික ආබාධයකින් ද පෙළෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |