පසු ගිය පැය 24 රේ මෙරටින් හමු වූ නව කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රදේශ මෙන්න.

Colombo Gampaha Kurunagala Rathnapura Covid patient areas
By Aruna Jun 28, 2021 07:58 AM GMT
Aruna

Aruna

Report

ගතවු දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන ආසාදිතයින් 378 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 344දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 271දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබුණි.

ඊයේ (27) දිනයේ ද මෙරටින් නව ආසාදිතයින් 1,867 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 100දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් ඊයේ දිනයේ හඳුනාගෙන තිබුණ ද ආසාදිතයින් 50ට වැඩි සංඛ්‍යාවක් වාර්තා වි තිබුණේ දිස්ත්‍රික්ක 11ක පමණි.

මේ අතර මේ වන විට මෙරට පුද්ගලයින් ලක්ෂ 09 ඉක්මවු පිරිසක් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව සයිනෝෆාම්, ඇස්ට්‍රාසෙනිකා සහ ස්පුට්නික් V යන එන්නත්වල මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 900,519ක් බව ඔවුන් පෙන්වාදෙයි.

එමෙන්ම මේ දක්වා එන්නත් මාත්‍රා 3,506,077ක් මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන සඳහා භාවිත කර තිබේ.

ප්‍රමාද වී තිබු ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම කොළඹ මහ නගරසභා බලප්‍රදේශයේ ස්ථාන දෙකකදී අද (28) ආරම්භ කෙරුණි.

එන්නත් සීමිත මාත්‍රා ප්‍රමාණයක් ලැබී ඇති බැවින් පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70 ඉක්මවු පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලබාදීම මෙහිදි සිදුකරන බව සෞඛ්‍ය අංශය පැවසුවේය.

ඊයේ ආසාදිතයින් වාර්තා වු දිස්ත්‍රික්ක පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery