කොරෝනා පැතිරීම 70%කින් වැඩිවෙලා.. පාලන කටයුතුවලට දේශපාලන බලපෑම්…

sri lanka covid 19 helth Phi
By Sithumi May 06, 2021 10:48 AM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වෛරසය වැඩි වශයෙන් පැතිරීමේ අවදානමක් ඇති අවස්ථාවේ දේශපාලඥයින් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන් ගෙන් ද බලපෑම් එල්ලන වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මේ තත්ත්වය මත බිම් මට්ටමේ සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කලකිරීමට පත්ව ඇතැයි සංගමය සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියි.

එනිසා එම පිරිස් ඉදිරියේදී කොරෝනා පාලන ක්‍රියාවලියේ තවදුරටත් රැඳී සිටී ද යන්න ගැටළුවක් වී ඇති බවත් ඔහු පැවසිය. අද වන විට මෙරට රෝගීන් වාර්තා වීම 70% කින් පමණ වැඩි වී ඇති බවත් මෙම තත්ත්වය පාලනය නොකළහොත් ඉදිරියේදී ඔක්සිජන් සහ දැඩි සත්කාර ඒකක මෙන්ම ඖෂධ හිඟයක් ද ඇති වනු ඇති බව ද ඔහු අනතුරු අගවයි.

වැඩිවශයෙන් රෝගින් වාර්තා විම නිසා රෝගීන් ප්‍රතිකාර ලැබීම සඳහා යොමු කිරීම ගැටළුවක් වී ඇති බවත් පවසන ඔහු දැනට ඇති වී තිබෙන තත්ත්වය මත ප්‍රදේශයන් හුදෙකලා කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරිය හැර වෙනත් කිසිදු දේශපාලන අධිකාරියට බලපෑම් කිරීමේ හැකියාවක් නැතැයිද ඔහු පෙන්වා දෙයි

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now