මෙරට කොවිඩ් මරණ 4000 ඉක්මවයි

Corona virus Sri lanka covid 19
By Sithumi Jul 23, 2021 01:13 PM GMT
Sithumi

Sithumi

Report

ඊයෙ මෙරටින් කොරෝනා මරණ හතළිස් තුනක් හඳුනාගෙන ඇති බව රජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් පසු නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4002ක් ලෙසටයි.

ඊයේ තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 26ක් සහ කාන්තාවන් 17ක් ඇතුලත්.

අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 4ක් සහ කාන්තාවන් 4දෙනෙකු මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 22ක් සහ කාන්තාවන් 13ක් ඊයේ තහවුරු කළ මරණ අතර වනවා.

May you like this Video👇



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now