ඊයේ කොරෝනා මරණවලින් ශ්‍රී ලංකාව යුරෝපය පසු කරයි – නවතම දත්ත වාර්තාව මෙන්න

Corona virus WHO indea covid deaths sri lanks
By Sithumi Jun 15, 2021 11:02 AM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දිනයේ කොරෝනා මරණ වාර්තා කිරීම අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 09 වැනි තැනට පත්ව තිබේ. ශ‍්‍රී ලංකාවට ඉදිරියෙන් 08 වන ස්ථානයේ සිටින්නේ මරණ 205ක් වාර්තා කරන ඇමරිකාවයි.

මෑතකදී මරණ විශාල වශයෙන් වාර්තා වූ යුරෝපා රටවල් බොහෝමක් ඊයේ දිනයේ ශ‍්‍රී ලංකාව තරම් මරණ වාර්තා නොකරයි. ආසියානු කලාපයේ මරණ වාර්තා කිරීම අතින් ශ්‍රී ලංකාව ඊයේ තුන්වැනි තැනට පත්ව ඇත්තේ ඉන්දියාව හා ඉන්දුනිසියාවට පමණක් පසුබසිමිනි.

ලෝකය පුරා කොරෝනා දත්ත වාර්තා කරන worldometers.info වෙබ් අඩවියේ මෙම තොරතුරු අනාවරණය කරයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


GalleryGallery