කුරුණෑගලින් රට වටේ යන කොරෝනා පොකුර මෙන්න.

Covid Corona Colombo Kurunagala Thissamaharama
By Aruna Apr 24, 2021 04:16 AM GMT
Aruna

Aruna

Report

තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කුරුණෑගල ප්‍රදේශයේ සිට තිස්සමහාරාමය ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක් වෙත පැමිණි පිරිසකගේ ආශ්‍රිතයින් 24 දෙනෙකු මෙලෙස නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

එමෙන්ම කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් කුලියාපිටිය ප්‍රදේශයේ ව්‍යාප්තවෙමින් පවතින බවට සැකපළ වී ඇති බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය උත්පල සංකල්ප මහතා පවසයි.

මීට අමතරව අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එම ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඒ.යූ.ටී කුලතිලක මහතා පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ, "කොවිඩ් තුන්වන රැල්ල දිවුලපිටිය ප්‍රදේශයේ ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරීගෙන යනවා කියලා අපිට පෙනී යනවා.

ඇන්ටිජන් පරීක්ෂණ වලින් රෝගීන් 14ක් හමුවුණා. 20වැනිදා කරපු PCR පරීක්ෂණ වලින් රෝගීන් 12දෙනෙක් හමු වුණා. රෝගීන් 35ක් දිවුලපිටිය කොට්ඨාශය තුළ වාර්තා වී තිබෙනවා. මේ වන විට පවුල් 90ක් විතර නිරෝධායනයට ලක් කරලා තියෙනා ඒ අතර 200ක් පමණ පුද්ගලයෝ ඉන්නවා.

150ක් පමණ පවුල් නිරෝධායනය කරන්න සිද්ධ වෙයි මේ යන පිළිවෙල අනුව" යනුවෙනි.