පොලිස් ස්ථානයක නිලධාරීන් 30කට කොවිඩ්
covid
srilanka
Police
kurunagala
helth
By Sithumi
ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරින් 30 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 56 දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්.පරීක්ෂණ මඟින් එම පිරිස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පැවසීය.
මේ අතර, බුත්තල ප්‍රදේශයෙන් ආසාදිතයින් 62 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ.
ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ දින තුනක කාලයක් බුත්තල නගරයේ වෙළෙඳසැල් වසාදැමීමට වෙළඳ සංගමය සමග පැවැති සාකච්ඡාවකදී තීරණය කළ බව බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති නන්දසිරි නිකවත්ත මහතා පවසයි.
මේ අතර, කුලියාපිටය නගර සභා නිවාස සංකීර්ණයේ 55 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඊයේ රාත්‍රීයේ ලැබුණු පී.සී.ආර් වාර්තා අනුව 67 දෙනෙකු කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කුරුණැගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉඳුනිල් කරුණාතිලක මහතා පවසයි.