කොවිඩ් ආසාදිතයින් ප්‍රදේශ රැසකින් හඳුනා ගැනේ

Covid-19
By Thaya Mar 20, 2021 12:05 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 ආසාදිතයින් 313 දෙනෙකු ඊයේ (18) දිනය තුළ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. එම පුද්ගලයින් අතරින් 11 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ය.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන අතර ඒ, ආසාදිතයින් 106ක් ලෙසය. ගම්පහ ආසාදිතයින් 66ක් සහ මාතර ආසාදිතයින් 29ක් ලෙසද වාර්තා වී තිබේ.

මේ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 89,175 දෙනෙකු වන අතර ඉන් 85,944 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව කොවිඩ් -19 ආසාදිතයින් 2,693 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදිතව මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 538 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 815,000ට අධික පිරිසකට ලබාදී තිබේ.

ඊයේ (18) දිනය තුළ පමණක් පුද්ගලයින් 9,136 දෙනෙකුට එන්නත ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණ වැඩසටහන පසුගිය ජනවාරි 29 වනදා සිට ආරම්භ කෙරුණි. ඊයේ නව ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින්,

Gallery