පැනයමින් සිටි කොවිඩ් ආසාදිතයින් පිරිසක් අල්ලා ගත් හැටි මෙන්න (VIDEO)

covid19 infected caught
By Thaya Dec 25, 2020 11:26 AM GMT
Thaya

Thaya

Report

අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් ඊයේ (23) දිනයේදි කොවිඩ්- 19 ආසාදිතයින් 103 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ඒ අනුව, එම අපනයන සැකසුම් කලාපයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණණ 380කි.

පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඉකුත් 18 වැනිදා සිට සිදුකළ PCR පරික්ෂණ ප්‍රතිඵල අනූව 33 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බවට හඳුනාගෙන ඇති බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

දළුපොත තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ දී සිදුකළ PCR පරික්ෂණ 36 කින් 15 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි හඳුනාගෙන තිබේ.

මේ අතර මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් පසුගිය 21 වැනිදා මීගමුවේ ඉදිවෙමින් ඇති හෝටලයක සේවය කිරිම සඳහා පැමිණ තිබුණි.

අදාළ හෝටලයේ කළමනාකාරිත්වය විසින් ඔවුන් ව PCR පරික්ෂණ සඳහා යොමුකර ඇති අතර එහිදී සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව සෞඛ්‍ය බලධාරින් විසින් ඊයේ රාත්‍රියේ ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරිම සඳහා ඔවුන් නැවතී සිටි ස්ථානය ට ගොස් තිබුණි.

ඒ වනවිට එම ආසාදිතයින් සිව් දෙනා ඔවුන් රැඳී සිටි ස්ථානයෙන් පළා ගොස් තිබුණු බව හෙළිවිය.

පසුව සෞඛ්‍ය අංශ බලධාරින්, පොලිසිය සමග එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව එම ආසාදිතයින් සොයාගැනීමට හැකිවිය.

ඒ, ඔවුන් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ රැඳී සිටියදීය.

ඒ අතර නිරෝධායන උපදෙස් නොතකමින් ඇත්කඳුර වැවරවුම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සාදයක් ඊයේ රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් වටලා එහි සිටි පිරිසට අවවාද කර තිබේ