ප්‍රතිකාර නොකිරීමෙන් කොවිඩ් ආසාදිත වෛද්‍යවරියක් මියයි...ඇය අවසන් වරට කියූ සංවේදී කතාව මෙන්න.

Covid 19
By Thaya Dec 26, 2020 07:24 PM GMT
Thaya

Thaya

Report

වෛද්‍යවරුන් ප්‍රතිකාර නොකිරීමෙන් වෛද්‍යවරියක් කොරෝනා වැළදීම හේතුවෙන් මියගොස් තිබෙන පුවතක් වාර්තා වනවා.

මෙලෙස මිය ගොස් තිබෙන්නේ ඇමරිකාවේ උතුරු දිග ඉන්දියනා පොලිස් ප්‍රදේශයේ කළු ජාතික වෛද්‍යවරියක්.

මිය යාමට ප්‍රථමයෙන් එම කළු ජාතික වෛද්‍යවරිය සඳහන් කර ඇත්තේ තමා කළු ජාතිකයකු වීම හේතුවෙන් අවශ්‍ය ප්‍රතිකාර නොලැබුන බවයි. සුසාන් මූරි නමැති 52හැවිරිදි ඇය ප්‍රාදේශීය රෝහලකදී මියගොස් තිබෙනවා.

එසේම ඇය ඒ බව වීඩියෝවකට පෙනී සිටිමින් සඳහන් කර තිබුණා.

වැඩි දුරටත් එම වීඩියෝ පටයේ සඳහන්ව තිබුනේ ඇය මුලින් ප්‍රතිකාර ලැබූ ඉන්දියනා විශ්ව විද්‍යාල රෝහලේදී නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණ බවත් රෝහලේ වෛද්‍යවරුන් අදාල වෛද්‍ය පරීක්ෂණ පවා සිදුනොකළ බවයි. එසේම ඇයට අවශ්‍ය ඖෂධ ලබා නොදුන් බවද පපුවේ ස්කෑන් පරීක්ෂණයක් ඉල්ලා සිටිය ද එය සිදුනොකළ බවද ඇය පවසා තිබුනා.

තවද ඇය අවසාන වශයෙන් සඳහන් කර ඇත්තේ “කළු ජාතිකයන් මරා දමන්නේ මේ ආකාරයටයි” යනුවෙනි.