කොවිඩ් ආසාදිත මාස 3ක බිලිඳෙක්

Covid-19
By Thaya Feb 04, 2021 07:47 PM GMT
Report

ගිනිගත්හේන ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබේ. සෞඛ්‍ය අංශ සඳහන් කළේ එම ආසාදිතයින් අතර මාස තුනක බිලිඳෙක් ද සිටින බවය. ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බව ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් පැවසීය. මේ අතර ගොඩකවෙල පල්ලේබැද්ද නගරයේ ත්‍රිරෝද රථ රියදුරෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. එම රියදුරු ගමන්ගත් පල්ලේබැද්ද නගරයේ වෙළෙඳසැල් කිහිපයක් නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය අංශ පියවරගෙන තිබේ.

ආසාදිත රියදුරා සිය ත්‍රිරෝද රථයෙන් පාසල් ළමුන් හය දෙනෙකු පාසල් දිනවල ප්‍රවාහනය කරඇති අතර එම දරුවන්ද නිරෝධායනයට යොමු කෙරුණි. මීට අමතරව ආසාදිත ත්‍රිරෝද රථ රියදුරුගෙන් ප්‍රවාහන සේවා ලබාගත් මගීන් පිළිබඳව ද සෞඛ්‍ය අංශ තොරතුරු සොයමින් පවති. මේ අතර, කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ඊයේ (03) දිනයේ පමණක් 21,147 දෙනෙකුට ලබාදී තිබේ. ඒ අනුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මේ දක්වා ලබාදුන් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 139,914කි