මෙවැනි පුද්ගලයින්ට කොරෝනා වැළඳීමේ සහ මියයාමේ වැඩි අවදානමක්

corona virus Covid 19 Imoacts of covid impacts
By Sithumi May 19, 2021 04:13 PM GMT
Sithumi

Sithumi

Report

දුම්පානය කරන්නන්ට කොවිඩ් -19 වෛරසය වැලඳීම සහ මියයෑමේ හැකියාව වැඩි බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

අද (19)පැවැති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේ, ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වෙමින් පවතින බවය. මේ අතර කිරිදෙන මව්වරුන්ට කොවිඩ් ආසාදනයේ වැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අනාවරණය වී ඇතැයි ද පැවසු වෛද්‍යවරයා, ඒ අවදානම වයස්ගත ජනතාවට ද ඇති බව පැවසීය. “

විශේෂයෙන්ම 60ට වැඩි අයට, දියවැඩියාව, වකුගඩු රෝග ඇති අය විශේෂයෙන් ම මේ රෝගයෙන් ආරක්ෂාවීමට නිසි පිළිවෙත් අනුගමනය කළ යුතුයි. විවිධ මත පැතිරෙනවා විටමින් D ගන්න විටමින් C ගන්න කියලා. මේවා ගත්තා කියලා එහෙම ප්‍රතිශක්තිය වැඩිවීමක් වෙන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ නිසි ආහාර වේලක් ගන්න එක. ඊට අමතරව වෛරසය හැදෙන්නේ ස්වසන පද්ධතියේ. ස්වසන පද්ධතියේ තියෙන ප්‍රතිශක්තිය අඩු කරන දෙයක් තමයි දුම්පානය. ඒ නිසා දුම්පානය කරන අයට වෛරසය වැලඳෙන ප්‍රමාණය හා මියයන ප්‍රමාණය වැඩී.“

මේ අතර කාර්යාල තුළ සේවකයන් එක්ව ආහාර ගැනීමේ දී වෛරසය ව්‍යාප්තවීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යය වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළාය.