මෙරට කොරෝනා බරපතල දිස්ත්‍රික් 08 මෙන්න...ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයක්.

Colombo Gampaha Kurunagala COrona dengurouse districs Katuthara
By Aruna May 02, 2021 06:47 AM GMT
Aruna

Aruna

Report

 මෙරට දිස්ත්‍රික්ක 8ක කොරෝනා ව්‍යාප්ති තත්ත්වය බෙහෙවින් බරපතළ වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ විසින් රජයට පෙන්වාදී ඇත. කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, මොනරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල තත්ත්වය ඉදිරියේදී තවත් බොහෝ බරපතළ වීමට ඉඩ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම දිස්ත‍්‍රික්කවල පවත්නා බරපතළ තත්ත්වය අනෙක් දිස්ත‍්‍රික්කවලද බරපතළ ලෙසින් ඇතිවණු ඇතැයි ද එම සංගමය රජය වෙත දැනුම් දී තිබේ.

සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරන්නේ මෙම දිස්ත්‍රික් තුල පරීක්ෂණ විධිමත්ව සිදු කිරීම, ආසාදිතයන් රෝහල් ගත කිරීම, ආශ්‍රිතයන් හඳුනා ගැනීමද ප්‍රමාද වී ඇති නිසා තත්ත්වය බරපතල බවයි.

මෙම බරපතල තත්ත්වයෙන් ගැලවීමට නම් වහා සංචාර සීමා පැනවීමට කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් රජයට පෙන්වා දුන් බවද ඔහු කියා සිටියේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa