ආසාදිතයින් තවත් ඉහළට
covid19
isolated
infections
quarantine
travel restriction
By Sewvandhi
අද දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 606 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්දු සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1786 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ අතර, මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 3,030 ක්. මෙරටින් පළමු කොරෝනා මරණය වාර්තා 2020 වසරේ මාර්තු 09 වැනිදා වාර්තා වූ අතර, එතැන් සිට මරණ 1000 ක් සම්පූර්ණ වීම සඳහා මාස 14ක කාලයක් ගතවුණා.
මෙරට කොරෝනා මරණ 2000 සීමාව ඉක්මවා ගියේ පසුගිය 11 වැනිදායි. ඒ අනුව මරණ 1000 සිට 2000 දක්වා මරණ 1000ක් වාර්තා වුණේ දින 22 කින්. මෙරට කොරෝනා මරණ 3000 සීමාව ඊයේ ඉක්මවා ගියා.
අවසන් කොරෝනා මරණ 1000 වාර්තා වූයේ දින 18ක් වැනි කෙටි කාලයකින් වීම අවධානය යොමු විය යුතු කරුණක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |