වැඩි ම රෝගීන් වාර්තා වූ ඊයේ දිනයේ ආසාදිතයින්ගේ ව්‍යාප්තිය

colombo gampaha kurunegala kaluthara covid spreanding
By Sewvandhi Apr 29, 2021 05:19 AM GMT
Report

අඛණ්ඩව දෙවන දිනටත් මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ 1,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඊයේ (28) දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛාව 1,466ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 15කු ද ඊයේ දිනයේ ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.ඒ ආසාදිතයින් 228ක් ලෙසය.

එයින් නාරාහේන්පිට ප්‍රදේශයෙන් 19ක්, බොරැල්ලෙන් 18ක්, දෙමටගොඩින් 17ක්, කොහුවලින් 15ක්, කොළොන්නාවෙන් ආසාදිතයින් 14ක් හා පිළියන්දලින් ආසාදිතයින් 10ක් වාර්තා වී තිබේ.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 209ක් හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 172ක් වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

අනෙක් ආසාදිතයින් 842 දෙනා සෙසු දිස්ත්‍රික්ක 20කින් වාර්තා වී තිබේ.

ඒ අනුව කළුතරින් 133ක්, මාතලෙන් 119ක් හා මහනුවරින් ආසාදිතයින් 86ක් ද වේ. ගාල්ලෙන් 38ක්, යාපනයෙන් 10ක්, කෑගල්ලෙන් 49ක්, පුත්තලමෙන් 34ක්, අනුරාධපුරයෙන් 24ක්, ත්‍රිකුණාමලයෙන් 47ක්, මොනරාගලින් 58ක්, මාතර 16ක්, පොළොන්නරුවෙන් 14ක්, අම්පාරෙන් 19ක්, බදුල්ලෙන් 47ක්, නුවර එළියෙන් 54ක්, රත්නපුරයෙන් 44ක්, වව්නියාවෙන් 4ක්, මඩකලපුවෙන් 15ක්, හම්බන්තොටින් 28ක් හා කිළිනොච්චියෙන් ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී තිබේ.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi