අහඹු PCR පරික්ෂණ 45 කින් කොවිඩ් ආසාදිතයින් 26 දෙනෙකු හඳුනා ගනියි
අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලය මගින් පසුගිය (24) දින ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොල අසලදි සිදු කරන ලද අහඹු PCR පරික්ෂණ 45 කින් 26 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද (29) දින ලද PCR වාර්තාව අනුව තහවුරු වී තිබෙනවා.
අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු මේ බව සඳහන් කළා. අඹගමුව, මස්කෙලිය, කොටගල, ලිදුල, බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශවලින් මෙම අසාදිතයන් 26 දෙනා හමු වී ඇති බවත්,
එම අසාදිතයන් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිට වතුකරයේ තම නිවාස වලට පැමිණි පිරිසක් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට අදාල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරනු ඇති බවද අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi |