කොවිඩ් ආසාදිතයෙක් දින 4ක් තිස්සේ නිවසේ - එහි සිටි දැරියක් හදිසියේ සිහිසුන්ව ඇද වැටේ

covid19 infections PHI kaluthara nagoda
By Sewvandhi May 08, 2021 08:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් පුද්ගලයෙකු රැඳී සිටින නිවසක සිටි 16 හැවිරිදි දැරියක් හදිසියේ රෝගී වී ඇද වැටීමත් සමග රෝහල්ගත කර ඇති සිද්ධියක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා විය.

ඒ, අද (08) උදෑසන හුදකලා කරන ලද කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ නාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජිත මාවත ප්‍රදේශයේදීය. අදාළ හුදකලා කරන ලද ප්‍රදේශයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව එම දැරියව රෝහල්ගත කිරීමට හැකිවී තිබුණි.

එම අවස්ථාවේ ගිලන් රථයක් පවා සොයා ගැනීමට අපහසු වී ඇති බැවින් නිවසේ තිබූ ත්‍රීරෝද රථයෙන් දැරියව රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබූ බව වාර්තාකරු පැවසීය.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ ආසාදිත පුද්ගලයා දැනට දින 4ක සිට නිවසේ වෙන්ව රඳවා ඇති බවය.

ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට ඇති ගැටලුව නිසා ඔහුව තවමත් නිවසේ රඳවා ඇති බවද එහිදී වැඩිදුරටත් අනාවරණය විය. 

  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now