අවදානම ඉහලට... දිනකට මරණ 6000ක්...රට වහන්න කලින් කටයි මුහුණයි වහන්න

By Wasantha May 10, 2021 10:51 AM GMT
Wasantha

Wasantha

Report

තවත් සති දෙකකින් පමණ මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් 6000 දක්වා වැඩි වි වෙනු ඇතැයි විශ්වාස කළ හැකි යයි කොළඹ ජාතික රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ උපුල් දිසානායක මහතා සඳහන් කරයි.

දැනට ආසාදිතයන් හමුවන්නේ සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය අනුව බවත් පරීක්ෂණ සිදු නොකර සමාජයේ සිටින ආසාදිතයන් ප්‍රමාණයද දැනට හමුවන ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ විය හැකිද තමන් විශ්වාස කරන බවත් ඔහු පැවසීය. 

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.