ඩෙල්ටා ප්‍රභේදයෙන් තරුණයින්ට අනතුරු ඇඟවීමක්....එන්නත් වලටත් දැඩි අභියෝගයක්.

Covid Sri Lanka youth Indian virus
By Aruna Jun 21, 2021 03:28 AM GMT
Aruna

Aruna

Report

මුලින්ම ඉන්දියාවෙන් සොයාගන්නා ලද B. 1.617.2 නමැති කොරෝනා වයිරස ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට ලෝකයේ ප්‍රධානම ප්‍රභේදය බවට පත්වෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

වේගයෙන් පැතිරීමට ඊට ඇති හැකියාව නිසා මෙම ප්‍රභේදය ලොව ප්‍රධානම වයිරස ප්‍රභේදය බවට පත්වෙමින් සිටින බව පසුගියදා ජිනීවාහිදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන් ප්‍රකාශ කර තිබිණි.

එක්සත් රාජධානිය, ජර්මනිය, රුසියාව වැනි රටවලද ආසාදිතයන් වාර්තා වීම නැවතත් ඉහළ ගොස් ඇති අතර ඊට ප්‍රධාන වශයෙන්ම දායක වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බව අනාවරණය වී තිබේ.

එක්සත් රාජධානිය පසුගිය දිනවල එරට සංචරණ සීමාවන් ලිහිල් කිරීමට අදහස් කරගෙන සිටියද වයිරස ව්‍යාප්තිය ඉහළ යාම නිසා එම තීරණය කල් දමනු ලැබිණි. ඩෙල්ටා ප්‍රභේදය වඩාත් වේගයෙන් පැතිරෙන ප්‍රභේදයක්.

ඩෙල්ටා ප්‍රභේදය වඩාත් වේගයෙන් පැතිරෙන ප්‍රභේදයක් වන අතරම එය ආසාදනය වූවන් තුළ බරපතළ රෝග ලක්‍ෂණ ඇති වීමට සහ ඔවුන් මරණයට පත්වීමට වැඩි ඉඩක් ඇති බවද සොයාගෙන තිබේ.

ඩෙල්ටා ප්‍රභේදයෙන් නව විකෘති ප්‍රභේදයක් සොයාගනී මේ නිසා මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් මේ වනවිට ලොව පුරා විශාල අවධානයක් යොමු වෙමින් ඇති අතර මෙවැනි නව ප්‍රභේද නිසා එන්නත්වලටද විශාල අභියෝගයක් එල්ල වී තිබේ.

ඒ ඇතැම් එන්නත්වලින් මෙම නව ප්‍රභේද පාලනය කිරීම අසීරු වී ඇති බැවිනි.

එ ඩෙල්ටා ප්‍රභේදයෙන් තරුණ වියේ අයට වැඩි තර්ජනයක් තිබෙන බවද මේ වනවිට අනාවරණය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now