කොටුව පැත්තට යන අයට විශේෂ දැනුම් දීමක්
කොළඹ කොටුව ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවට වාර්තා වේ.
ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මඟින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් බව සඳහන්.
ඒ අනුව විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ලෝටස් ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් ගනිමින් සිටියි.
එසේම පොලිස් මාර්ග බාධක යොදා ගෙන පොලීසිය විසින් ඔවුන්ගේ ගමන් මග අවහිර කිරීමට කටයුතු කර ඇත.
කෙසේ වෙතත් වැඩිදුරටත් වාර්තා වන්නේ මේ වන විට එම අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවයි.