කොරෝනා එන්නත් ලබාදීමේ පෙරහුරුවක් ස්ථාන 03කදී අද.

Covid-19 Corona Virus
By Thaya Jan 23, 2021 07:25 PM GMT
Report

කොරෝනා සඳහා එන්නත් ලබා දීමේ පෙරහුරුවක් අද (23) දිවයිනේ රෝහල් 3 කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශිය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ආශ්‍රිතව මේ වනවිට කොරෝනා අසාදිතයින් 12 දෙනෙකු වාර්තා වී ඇතැයි ද ඔහු පැවසුවේ ය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ, මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් 635 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවයි.