භික්ෂූන්වහන්සේ ඇතුලු ආගමික නායකයින්ටත් කොරෝනා එන්නත

Covid-19 Corona Vaccine
By Thaya Feb 20, 2021 05:59 PM GMT
Thaya

Thaya

Report

අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්මත භික්ෂූන්වහන්සේලාට කොවිඩ් එන්නත දීම මහනුවරින් ඇරඹෙයි. භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට කඩිනමින් කොවිඩ්-19 එන්නත ලබා දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබා දීම අද 2021 02 20 දිනයේ ආරම්භ කරනු ලැබේ. පූජ්‍ය පක්ෂයට කඩිනමින් එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යතුමා බුද්ධශාසනල ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව කඩිනමින් එම එන්නත් දිවයිනම ආවරණය වන පරිදි සියලුම භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට ලබා දෙනු ඇත. මෙම වැඩපිළිවෙළ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබාදීම හෙට දිනයේ ආරම්භ වීමට නියමිතයි.