පාසල් වලත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන...දැනට 70ක් තෝරාගනී... තත්ත්වය බරපතලයි?..

Covid-19 Education
By Thaya Dec 27, 2020 07:08 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා රෝගීන් වෙනුවෙන් නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, දැනට වසා දමා ඇති කුඩා පාසල් හදිසි අවස්ථාවකදී ඒ සඳහා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.

අදාළ පළාත්වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ඇතැයි ද ඔහු සඳහන් කළා .

මේ වනවිට දිවයින පුරා ස්ථාපිත කර ඇති එවැනි ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාව 70 කට ආසන්න බව ද ඔහු කියා සිටියා.