බස් රථ රියැදුරන් තිදෙනෙකුට කොරෝනා...ගමක් කළ මගීන් අනතුරේ.

Corona
By Thaya Jan 26, 2021 06:10 PM GMT
Thaya

Thaya

Report

බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000ක පමණ පිරිසක් මේ දක්වා ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක්කර ඇති බව පොලීසිය පවසයි.

එහිදී ඉන් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර ලබන බ්‍රහස්පතින්දා (28) දිනයේ සිට ඉරිදා දිනය දක්වා බස්නාහිරින් පිටවන සියලුම රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ස්ථාන 11කදී එම පරික්ෂණ ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර, බස්නාහිර පළතේ සිදුකළ වැටලීම්වලින් මුඛ ආවරණ නොපැළඳි සහ දුරස්ථභාවය පවත්වා නොගත් පුද්ගලයින් 24 දෙනෙකු ගතවු පැය 24 තුළ අත්අඩංගුවටගත් බව පොලීසිය සඳහන් කරයි.

මීට අමතරව සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් ක්‍රියාත්මක නොකළ ආයතන 88ක් ද හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.