එක් ප්‍රදේශයක, පෙර පාසල් දැරිවියකට, මවට සහ පියාට කොරෝනා

Covid-19
By Thaya Jan 31, 2021 06:02 PM GMT
Report

හම්බන්තොට සූරියවැව, වැවේගම ප්‍රදේශයේ පෙර පාසල් දැරිවියකට, ඇයගේ මවට සහ පියාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් පෙර පාසල් දරුවන් 33 දෙනෙකු, පෙර පාසල් පාලිකාවන් තිදෙනෙකු ඇතුළු පවුල් 37ක පුද්ගලයන් නිරෝධායනයට යොමු කෙරුණි.

මේ අතර, මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් මීගමුව නගරයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 40 ක් අතරින් කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් එක් අයෙකු මීගමුව අධිකරණ සංකීර්ණයේ කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන අතර සෙසු 09දෙනා මීගමුවේ පෞද්ගලික ආයතන දෙකකින් වාර්තා විය.

මේ අතර, දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ වාර්තා විය.

එම ගණන 892කි.

කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකෙන්ම ඊයේ ආසාදිතයින් 200 ඉක්මවා වාර්තා වීම විශේෂත්වයකි