අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටත් කොරෝනා
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේවන විට වාර්තා වනවා.
අමාත්‍යවරයාගේ ඉහළ නිලධාරියෙකුගෙන් මේ පිළිබඳව අප විමසීමක් කළා.
එහිදී ඔහු ද කියා සිටියේ අමාත්‍යවරයාට කොවිඩි 19 පොසිටිව් වී ඇති බවට මේ වන විට හෙළිවී ඇති බවයි.
මෙලෙස අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වන්නට ඇත්තේ, පාර්ලිමේන්තුව හරහා බවද ඔහු කියා සිටියා.
කෙසේවෙතත් ඔහුගේ කාර්ය මණ්ඩලයේ පිරිස් ද මේ වන විට කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
මේ අතර ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය.
ජනවාරි 8 වන දින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ද කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ කුමාරසිරි හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් වූ CCTV දර්ශන මඟින් එම ආශ්‍රිත මන්ත්‍රීවරු හඳුනාගෙන ඇති බවය.