ත්‍රස්ත විමර්ශන ඒකකයේ එල්ටීටීඊ සැකකරුවෙකුට කොරෝනා…

Corona
By Thaya Jan 26, 2021 06:10 PM GMT
Thaya

Thaya

Report

වව්නියාව පොලීසියේ පිහිටුවා ඇති පොලිස් ත්‍රස්ත විමර් ශන ඒකකයේ රඳවා සිටින සැකකරුවෙකුට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම ඒකකයේ පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි.

වව්නියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගැනීමේ අධිකරණ නියෝග මත රඳවා සිටින කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අදාල සැකකරු ත්‍රස්ත ක්‍රියාවක් හේතුවෙන් සැකපිට 2020 වසරේදී අත්අඩංගුවට පත් වූ සැකකරුවෙකුට මෙලෙස සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී හෙලි වී ඇත.

අදාල සැකකරුට කොරෝණා වෛරසය ආසාදනය වූවේ කෙසේද යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර සැකකරුගේ ඥාතීන් බැලීමට ආ අවස්ථාවකදී හෝ තවත් ආසාදිත සැකකරුවෙකුගෙන් නැතිනම් පොලිස් නිලධාරියෙකු මාර් ගයෙන් කොරෝණා ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් සැක පල සිටියි.

මේ හේතුවෙන් වව්නියාව පොලිස් ත්‍රස්ත විමර් ශන ඒකකයේ පොලිස් නිලධාරීන් මෙන්ම සෙසු ත්‍රස්ත සැකකරුවන්ද නිරෝධායනය කොට පී.සී.ආර්. පරික්ෂණයයන්ට යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර් යාලය වැඩි දුරටත් පැවසීය.