අවුරුදු උත්සවයට ගිය සියල්ලටම කොරෝනා...ඒ අතර ප්‍රභලයින් කිහිප දෙනෙක්.
කැස්බෑව ප්‍රදේශයේ අලුත් අවුරුදු සමයත් සමඟ පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ සියලුම පිරිසට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව වාර්තා වනවා.
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් දින 16 කදී කොරෝනා ආසාදිතයින් 400කට ආසන්න රෝගීන් පිරිසක් වාර්තා වනවා.
රෝගීන් අතර අමාත්‍යවරයෙක්ගේ බෑණනුවන් හා කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු ද වන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ.
කැස්බෑවෙන් වැඩිම ආසාදිතයින් ගණන 149 දෙනෙකු ලෙස ඊයේ (04) දිනයේ දී වාර්තා වී තිබුණා.
ඉකුත් 30දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 268 කින් එම රෝගීන් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 55 ක් එම ප්‍රකාශකයා සඳහන් කර සිටින්නේ.
මෙතෙක් වැඩිම රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ දැල්තර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ කහපොල වත්ත ප්‍රදේශයෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
https://chat.whatsapp.com/LjkaxucTqx2568uU9nTqfx