එකම පාසලේ සිසුන් පිරිසකට කොරෝනා.. අදාල පාසල දැඩි අවධානම් තත්ත්වයක.

Covid-19 Education
By Thaya Feb 14, 2021 04:42 PM GMT
Thaya

Thaya

Report

පස්බාගේ කෝරළේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය වෙස්ට්හොල් දමිල මහා විද්‍යාලයේ පාසල් සිසුන් 06 දෙනෙකුට සහ ඔහුන්ගේ ආශ්‍රිතයන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (13) දින තහවුරු වු බව එම සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක සින්ඩ්‍රි මොහන් මහතා පැවසිය.

ඉකුත් 09 දින එම පාසලෙන් සිසු සිසුවියන් 15 දෙනෙකුට සහ එක් ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් වු එම විදුහලේ 7 සහ 9 වසර වල පාසල් සිසුන් , ගුරුවරුන් සහ ආශ්‍රිතයන් 32 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර පාසල තාවකාලිකව වසා දමා සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව ඉන් 12 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වු බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ. අසාදිතයන් නාවලපිටිය වෙස්ට්හොල් , බාත් කෝබල් සහ ටෙම්පල්ස්ටෝ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්,එම අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

ReeCha