ප්‍රසිද්ධ පුද්ගලයෙකුට හා දියණියටත් කොරෝනා

Corona
By Thaya Jan 05, 2021 06:14 PM GMT
Thaya

Thaya

Report

හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකුට සහ කොවිඩ් 19 වෛරසය අසාදනය වි දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන නාගරික මන්ත්‍රිවරයෙකුගේ 22 හැවිරිදි දියණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.

හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකුගේ උපන් දින සාදයට සහභාගි වු කොවිඩ් 19 වෛරසය අසාදනය වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ අසාදිතයෙකු වු හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකුට කොවිඩ් 19 වෛරසය මුලින්ම අසාදනය විම නිසා හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් 08 දෙනෙකු, හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා සහ පෙර අසාදිත මන්ත්‍රිවරයාගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නාගරික මන්ත්‍රිවරයාට සහ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් යොමු කර ඇති නාගරික මන්ත්‍රිවරයාගේ දියණියට (03) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

මිට අමතරව හැටන් මල්ලිඅප්පුව , දික්ඔය දරවල යන ප්‍රදේශවල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකු හමු වු බවත් , එම අසාදිතයන් දෙදෙනා වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ පෙර අසාදිතයන් බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ