ප්‍රධාන පිළිකා රෝහලක වෛද්‍යවරයෙකුට කොරෝනා.. ප්‍රදේශ කිහිපයකිනුත් නව ආසාදිතයින්.

Covid-19
By Thaya Jan 20, 2021 07:37 PM GMT
Report

පිටකොටුවේ සිටින යාචකයින් හා වෙළෙඳසල් හිමියන් ඇතුළු 100 දෙනෙකු අද (20) රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසනවා.

එම පරීක්ෂණ වන ප්‍රතිඵල අනුව ඒ අතුරින් 10 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර, හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ පිළිකා ඒකකයේ සේවයේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව තහවුරු වී තිබේ.

වවුනියාව ප්‍රදේශයේ පදිංචි එම වෛද්‍යවරයාව බිංගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකළ බවයි වාර්තා වන්නේ.

මේ අතර වවුනියාව නගරයෙන් ආසාදිතයින් 26 දෙනෙකු වාර්තාවීමත් සමග ම මීට පෙර නගරයේ විවෘත කළ ප්‍රදේශවලට යළි සංචරණ සීමා පැනවීමට සිදුවී ඇති බව සෞඛ්‍ය අංශ පැවසුහ.

මේ දක්වා වවුනියාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 226කි.

මේ අතර නාවලපිටිය පස්බාගේ කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 68ක් අතරින් 20 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

කාන්තාවන් 12 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු ඊට අයත් බව වාර්තා වේ.