මෙරටට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ 06ට කොරෝනා...ඔවුන් සමග ආ සෙසු පිරිස රට වටා සංචාරයේ.

Covid-19
By Thaya Jan 02, 2021 06:24 AM GMT
Report

කොරෝනා ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ හය දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට මත්තල ගුවන්තොටුපල හරහා පැමිණි යුක්රේන ජාතික සංචාරක කණ්ඩායෙම් හය දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

කෙසේ නමුත් සෞඛ්‍ය අංශ කියා සිටින්නේ මෙම පිරිසගේ වෛරසය පැතිරීමේ ඉඩක් නොමැති බවයි.

ඔවුන් මහජනතාව සමග මුසු නොවන ලෙස ‘ට‍්‍රැවල් බබ්ල්’ ක‍්‍රමවේදය යටතේ සංචාරය කරනු ඇතැයිද ඔහුන් කියා සිටී.