කොරෝනා අධි-අවදානම් ලක්ෂ 4 ලියාපදිංචි වෙයි

corona
By Thaya Jan 02, 2021 06:23 AM GMT
Thaya

Thaya

Report

කොරෝනා අධි-අවදානමක් ඇති පුද්ගලයින් 400,000 කට අධික පිරිසක් කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ.

සෙහාටි මෘදුකාංගය හරහා අදාල පිරිස ලියාපදිංචි වී ඇති බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශයප්‍රකාශ කරනවා.

කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට කිසිදු සෞඛ්‍ය ගැටළුවක් ඇති වී නොමැති බවත්, යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය මොහොමඩ් අල්-අබ්ද් අල්-අලි පැවසීය.

වෛරසයට එරෙහිව පූර්ණ ප්‍රතිශක්තිය ඇතිවීම සඳහා දෙවන මාත්‍රාව (බූස්ටර් ෂොට්) ලබාගැනීම අත්‍යවශ්‍ය බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.