ආසාදිත නැතැයි හොර සහතිකයකින් ඩුබායි පැන්න කොරෝනා රෝගියා

Corona
By Thaya Jan 05, 2021 06:13 PM GMT
Report

මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් එඩේරමුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයකු කොවිඩ් 19 ආසාදනය වී තිබිය දී වෙනත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඉකුත් 29 වැනිදා කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඇපා මහතා පැවසීය. මේ බව අනාවරණය වීමෙන් පසු අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය. මෙම තැනැත්තා වැරදි වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් විදේශගතවන්නට ඇතැයි සිතන බව මිගාර ඈපා මහතා කීවේය.

එම තැනැත්තා විදේශගතවීමට පෙර ඉකුත් 24 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණයක් කරගෙන ඇති අතර එහි වාර්තාවට අනුව ඔහු කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු වෙනත් පෞද්ගලික රෝහලකින් යළිත් පී.සී.ආර්. පරික්ෂණයක් සිදු කිරිමේ දී ආසාදිතයෙකු නොවන බව පෙන්නුම් කොට තිබේ.