කොරෝනා දැන් පාලනය කල නොහැකියි.. වෛරසය රට පුරා පැතිරිලා…

Covid-19
By Thaya Jan 20, 2021 07:36 PM GMT
Report

අද වන විට රටේ විවිධ ප්‍රදේශ වලින් පාලනය කළ නොහැකි තරමට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ හඳුනාගත නො හැකි මූලාශ්‍ර මඟින් ආසාධිතයන් විශාල වශයෙන් වාර්තා වීමක් ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි බවයි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ පසුගිය උත්සව සමයේදී සංචරණ සීමා පනවන්න යෝජනා කළ ද එය ක්‍රියාත්මක නොකිරීමයි.